AHS ශිෂ්‍ය සංගමයේ වඳ භාවය නැවතත් ඔප්පු කර පෙන්වයි
මුළු පේරාදෙණිය විශ්ව විද්‍යාලයටම පන්නරය වූ “Student Union” සංස්කෘතිය තුල ශිෂ්‍ය සාමූහිකත්වයේ විශිෂ්ට ජයග්‍රහණ අප්‍රමාණය.
උදා :- පේරා Science fac , පේරා E fac, පේරා ART ( Fac of Management)
නමුත් සදාතනික වඳයන් වූ AHS ශිෂ්‍ය සංගමයේ සොක්කන්( AHS පළවන , දෙවන කණ්ඩායම් වල සිටි ඇතැම් නායකයන් හැර ) මෙවරත් තමන්ගේ තුන නැති අඩුව මනාව සනිටුහන් කළහ. මුලු පීඨයේම 2011/10/03 වන දින සිට නව වසරේ අධ්‍යාපන කටයුත් ඇරඹීමට සැලසුම් කර තිබුනි. විශ්ව විද්‍යාල සිසුවෙකුගේ පරම සචේතනික අභිලාෂය වනුයේ තම උපාධිය දිනක් හෝ කලින් අවසන් කර සමාජගත වී තම වගකීම ඉටුකිරීමටය.
නමුත් අප පීඨයේ සිටින ගොපළුකොලුවන් හා ජංගි හොරුන් එක්වී පිහිටුවාගත් AHS ශිෂ්‍ය සංගමය මෙවර එය සතියකින් දීර්ඝ කරන ලදී. Academic Staff එකට අප පසුපස පන්නාගෙන විත් ඉගැන්වීමට අවශ්‍යතාවයක් නොමැත. ඔවුන්ද දරු පවුල් , ගෙවල් දොරවල් හිමි මිනිසුන්මය. ඔවුන්ද නිවාඩු ගැනීමට කැමතිය. එලෙස තම ස්වකීය අවශ්‍යතා අතහැර 3 වැනිදා ආරම්භ කිරීමට ගිය පීඨය, AHS Student Union හි බලු රැළ විසින් කයිවාරු ගසා , ගුරු සිත රිදවා සතියකින් දීර්ඝ කරගන්නා ලදී.
අප පීඨයේ වාසනාවට මුල්ම ශිෂ්‍ය කණ්ඩායම හා ඉන් පසු පැමිණි කණ්ඩායමේ ඇතැම් අවංක සිසුන්ගේ කැපවීමට හා අප පීඨයේ ආදරණීය ගුරුමෑණිවරුන් පියවරුන්ට පින්සිදුවන්නට ගැටළු පමා වී හෝ විසඳෙන බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙහි සින්නෝ යයි කියමින් තම හෙළුව වහගන්නා උන් අරගල කර ලබා ගත් ලබ්බක් නැත. එය අප සැමදා කියන කරුණකි. Read more…
සැප දෙන Welcome
2011 අප්‍රේල් 23 වන දින අපගේ 09/10 කණ්ඩායමට welcome ලැබුනි. 09/10 නංගිලා මල්ලිලාට අපෙන් උණුසුම් සුබපැතුම් සමඟ ඒ අයට අමානුෂික නවක වදයක් නිර්මාණය කිරීමට තැත් කල 08/09 හා 07/08 කණ්ඩායම් වල නපුංසකයන් රැළටත් AHSSU හි කකුල් දෙකේ කැනහිලුන්ටත් අපගේ බලවත් කනගාටුව පළකරමු.
මක් නිසාද යත් සැලසුම් කළ ආකාරයට වාතය කරගන්නට බැරිව නගුට අකුලාගෙන වෙව්ල වෙව්ලා ඉන්න වුනේ අපි නිසා බැවිනි.. ආදරණීය නංගියේ මල්ලියේ මේ පාර ඔබලාට RAG කරන්න උඹලාගේ සින්නන්ට බැරි වුනේ ඇයිදැයි සොයලා බැලුවාද.. මහ ලොකුවට වාත පොකට් සිය ගාණක් අරගෙන හැඩට organize කරපු RAG එක වැලේ වැල් නැතිව අකුලන් ඉන්න වුනේ අපි නිසාය.. කවුද මේ අපි ?????? ඒ ගැන වටින් පිටින් ආරංචි ඇවිත් ඇතිනේ..
ළඟදි තිබුන welcome එක ගැන අපිට පුංචි පුංචි ප්‍රශ්න ටිකක් තියෙනවා. සමහර විට ෆැකල්ටියේ අනෙක් අයටත් ඒ ප්‍රශ්න තිබෙන්න පුලුවන් නිසා කාගේත් දැනගැනීම පිණිස ඒවා මෙහි පළකල යුතු යැයි අපට සිතුනා.. මේ ප්‍රශ්න මාලාව AHSSU එකේ සභාපති ඇතුලු අනෙකුත් වඳයන් ටිකත් දැනට ඉන්නා නපුංසක රැලත් අලුතෙන් ආපු batch එකේ පොරවල් කියල හිතාගෙන ඉන්න උනුත් කියෙව්වනම් අපිට ඇති. Read more…
AHSSU වැනුම
ගඟ හිඳි දැයි බැලීමට මහදැනමුත්තා
එබුවා හුළු අත්ත ගෝලයෝ ටික කැන්දා
නිමුනා සුරුස් ගා වතුරට දුම් දමලා
ගඟ නිදි නැතැයි ගඟ දරුණුයි උන් සිතුවා
ඒ මහදැනමුත්තලා තාමත් මෙහි ඉන්නා
ගෝලයෝ පහක් නොව සිය ගාණක් ඉන්නා
උන් රැළ රැකෙන්නේ SU නම විකුණා
අකුලන් පලකො බැරි නම් බැරි බව පවසා
එන්නේ කවුද මේ පියසට අකුරු සොයා
එන එන එකා SU එක ගිල ගන්නා
රූකඩ වෙලා හත්පලේම ගාගන්නා
ගාගත් දාට පුක අකුලන් නිහඬ වෙනා Read more…
3+1 තහවුරු කර ගැනීම ( 2වන කොටස )
=========================
උපාධිය 3+1 බවට පත්වීමේ සත්‍ය කතාව (1වන කොටස) මුලින් කියවන්න.
========= 2වන කොටස ========
මේ වන විට මෙම අසාර්ථක කඩේ යාමට විරුද්ධව මතයක් 2008/2009 කණ්ඩායම තුලින් මුල්ම වරට ගොඩ නැඟුන අතර අනෙකුත් ජේෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් වලද එය අනුමත කළ සුළු පිරිසක් විය. නමුත් ඔවුන් නිහඬ පිළිවෙතක් දැරීය. ඔවුන්ගේ මතය වූයේ දින 45 ගෙවී යාමට පෙර අනෙකුත් විශ්ව විද්‍යාල විසින් අනුගමනය කරන නඩු ක්‍රියාමාර්ගයට එක්වී අත්‍යාවශ්‍ය නම් උද්ඝෝෂණ ව්‍යාපාර කරමු යන්නයි.
උඳුල් ගේ සහ පීඨයේ බොරුවට දඟලන උඩ පනින නිවටයන්ට සුවිශේෂී වූ හැකියාවන් කීපයක් ඇත.
- උද්ඝෝෂණයට පොලීසියෙන් පහර දෙන වෙලාවට කාටවත් නොදැනී ලිස්සා මාරු වීමේ හැකියාව.
- කනිෂ්ඨ සිසුන් ඉදිරියට තල්ලු කොට තමන් ඇඟ බේරා ගැනීම.
- උද්ඝෝෂණ පැවැත්වීමට පෙර හා පසු වීරයන් වීම.
එදා SB නොසිටියේය. නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමති නන්දිමිත්‍ර ඒකනායක හමුවීමට උඳුල් ඇතුළු AHS ශිෂ්‍ය සංගම්(AHSSU) නියෝජිතයන් ගියහ. උදුල් යනු සිසුවෙක් නොවේ. උදුල්ගේ අන්තරය 1977 විශ්ව විද්‍යාල තුල ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ පනත යටතේ කිසිදු වලංගුතාවයක් නැත. නමුත් ලොක්කා ඔහුය. ඔහු සාකච්ඡාවට ගොස් ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලය බවට පත්කොට හිමින්ම මාරු විය. මන්ද උද්ඝෝෂණ නැත්නම් උදුල් නැත, අන්තරය ද නැත. එම නිසා ප්‍රශ්නය තව තව උග්‍ර අතට හරවා උද්ඝෝෂණ ව්‍යාපාර දිගටම පවත්වාගෙන යාම ඔහුගේ අරමුණ විය. Read more…
උපාධි කාල සීමාව වසර තුන(3+1) බවට ශිෂ්‍ය සංගමය මඟින් තහවුරු කර ගැනීම(1වන කොටස)
මීට වසරකට පමණ පෙර ලබාදුන් ශේෂ්ඨාධිකරණ තීන්දුවක් පදනම් කරගෙන වසර හතරක විශේෂ උපාධි පාඨමාලා කාලයකින් යුක්ත වූ මෙම පීඨයේ පාඨමාලාවන් පහ, වසර තුනක කාලයකට සීමා කොට GPA අගය 2.8 වඩා ඉහලින් ලබාගන්නා සිසුන්ට පමණක් සිවු අවුරුදු උපාධි පාඨමාලාවක් පිරිනැමීමට UGC ය මගින් තීරණය කොට පුවත්පත් ප්‍රකාශව ප්‍රසිද්ධ කරන ලදී.
දැනට ජාත්‍යන්තර මට්ටමින් පිළිගනු ලබන උපාධියක කාලසීමාව වසර 4කි. මෙවන් වෛද්‍ය උපාධියක් වසර තුනකින් පිරිනැමීම ප්‍රායෝගිකද යන්න ගැටළුවකි. ඩිප්ලෝමාවක් නම් මෙය සුදුසුය. ජාතික හෙද පුහුණු පාසලේ හෙද පුහුණු පාඨමාලාවේ කලයද වසර 3කි. ඒ වැටුපක්ද සහිතවය. අනෙකුත් පාඨමාලා වල ඩිප්ලෝමාවන්ද ක්‍රියාත්මක වන්නේ පඩි සහිතවය. එසේ නම් ශ්‍රී ලංකාවේ 20% වූ අතලොස්සෙන් විශ්ව විද්‍යාල වරම් ලබා එයිනුත් 1% අඩු අති විශිෂ්ඨ , ජාත්‍යන්තර මට්ටමේ වසර 4ක් විය යුතු උපාධියක් වසර 3කින් ලබා ගැනීමට බලු කට්ටක් කෑම අභියෝගාත්මකය.
උපාධිය 3+1 බවට පත්වීමේ සත්‍ය කතාව.
මා මෙතැන් සිට දිග හරිනුයේ AHS පීඨයකින් පිරිනමන පරිපූරක හා හෙද උපාධීන් වසර 4 සිට වසර 3ක් දක්වා අඩුවීමට හේතු පාදක වූ සත්‍ය කතාවයි. බලා සැනසීම නොව බලා විමසීම ඔබ සතුය. Read more…
2009/2010 කණ්ඩායමේ නංගියේ මල්ලියේ !! මේ ගැනත් මඳක් සිතා බලන්න
ඔබ පාසලේ 1 වසර සිට 13 වසරට යනතුරුම මාපිය සෙවනේ හෝ වෙනත් නෑදෑ කෙනෙකුගේ සෙවනේ හැදී වැඩුනි. විභාග කඩයිම් පසුකර ඔබ මෙහි පැමිණියේ ඔවුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කල මුදලින් හා ඔබ තනිව මහන්සි වී කැපවීමෙන් පාඩම් කොට ලබා ගත් දැනුමෙනි.ඔබ; නිවසට, නෑදෑහිතවතුන්, පාසල් මිතුරන්,ගමේ මිතුරන් අතරේ එක්තරා ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත් සමාජයේ වැදගත් කොටස්කරුවෙකි, උපාධි හිමිකරුවෙකි.
ඔබ මෙම විදු බිමට පැමිණෙන්නේ තමා වෙනුවෙන් දාඩිය, දුක් කඳුලු වගුරවන මාපියන්, සොයුරු සොයුරියන් සියලු දෙනාගේද වගකීම් අතේ දරාගෙනය. ඔබ හොදින් ඉගෙනගත යුතුය. වයස 22, 23,24,25 වන ඔබ මෙහි රැඳී සිටින්නේ වසර 3ක් හෝ 4ක කාලයකි. ඉන්පසු ජීවිතයේ ඉතිරි කාලය ගෙවිය යුත්තේ මහා සමාජය තුලය. ඔබ පීඨය තුලදී කරනා academic වැඩ හා අනෙකුත් හොඳ කර්තව්‍යන් හැර වෙනත් කිසිදු දෙයකට මහා සමාජයේ වටිනා කමක් නැත,මහා සමාජයට වැඩකුත් නැත.
ඔබ ආත්ම ගෞරවයක්, ආත්ම අභිමානයක් ඇති , නම්බුවක් ඇති ස්වාධීන පුරවැසියෙක් විය යුතුය. ශක්තිමත් පිටකොන්දක්, නිදහස් මතයක් නැතිනම් උපාධි 10ක් තිබුනද වැඩක් නැත. හරි දේ හරිය, වැරදි දේ වැරදිය. යමක් වෙනස් විය යුතු නම් එය වෙනස් විය යුතුමය. 1000ක් දෙනා එක මතයක සිටියද නිවැරදි වන්නේ ඔබේ මතය නම්, ප්‍රායෝගික වන්නේද ඔබේ මතය නම්, එය එසේමය. Read more…
සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ නවක වධය
මෙය වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ පීඨයකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු වෛද්‍ය පීඨයක මෙවන් වූ නවක වධයක් ක්‍රියාත්මක නොවේ. කවුරුන් හෝ ඇතිබව කියනවානම් එය හේතු කීපයක් මත පදනම් වූ බොරුවකි. නවක වධය පිළිබඳව මේ ලිපිය ලියන්නාගේ ඇත්තේ උපේක්ෂා සහගත බවකි. අපි අලයෝ(Anti Raggers) නොවෙමු. නමුත් ගෞරවාන්විත නවක සිසු අනුරූපීතා වැඩසටහන ගැන යමක් කතා කළ යුතුය.
පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ ඇති නවක අනුරූපීතා වැඩසටහන බොරුවකි. නව්‍යතා අනුරූපනය නම් ලස්සන ගොන් පාට් එකෙන් වසන ලද, කොන්ද පණ නැති ජේෂ්ඨයන් විසින් ගෙනයන නවක වධයක් ක්‍රියාත්මක වීම මෙම පීඨයේ ආවේණික ලක්ෂණයකි.
මෙම පීඨයේ නවක වධ ඉතිහාසය දෙස මඳක් හැරී බලමු.
2005 වසර කණ්ඩායමට මෙම පීඨය අරඹන විට ඔවුන්ට ජේෂ්ඨ සිසු කණ්ඩායමක් නොමැත. අනේක විද අඩුපාඩු, ගැටළු මැද උන් අන්ඩර සෙවූ බව අභිමානයෙන් මතක් කළ යුතුය. අනේක විද අඩුපාඩු මැද අන්ඩර දුන් ශ්‍රේෂ්ඨ ආචාර්යමණ්ඩලයද මතක් කරන්නේ හද පිරි බැතිනි. Read more…